අන්තර්ජාලය ජංජාලයක් නොකර ලේසියෙන්ම සල්ලි හොයමු...

ඉතින් ගොඩ දවසකින් අපේ ගැන්සියට මොනවා හරි දෙන්නත් බැරි උනා ඕන්....හරි මේ දවස්වල මට හෝ ගාලා වැඩ ඉතින් මොනවත් කොටන්නවත් බැරි උනා ඕන්...


හරි සෑහෙන කාලෙකින් E money ගැන පෝස්ටුවක් දාන්නත් බැරි උනානේ...එහෙනම් අහගන්නකෝ...ආ මුලින්ම කියන්න ඕනේ ඉස්කොලේ යන අය මේක හින්දා ඉගෙනුමට බාදාවක් කර ගන්න එපා.....!!!!!(මම වගේ...)
මොකක්ද මේ Designcrowd කියන්නේ ?
මේක ඇත්තටම ගොඩක් දෙනා දන් නැති දෙයක්....නමුත් සමහරු මෙමගින් සෑහෙන මුදලක් උපයනු ලබනවා.  Designcrowd කියන්නේ ආයතනයක්. ඒක වෙන් වෙලා තියන්නේ Graphic Designලට ඔයාටත් යම් තාක් දුරකට Graphic Design පුලුවන්නම් Designcrowd එකත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.මේකේදී,
Graphic design
Logo design
Web design
Banner ad design
Brochure design
Business card
Flyer design
Icon design
Packaging design
Poster design
Print design
Stationery design
TShirt design
Wordpress design වගේ Project තමා කරන්න තියන්නේ. සාමන්යෙන් $100-$800 දක්වා පරාසයකට වැඩ තියනවා. පුංචි Logo එකක් හදලා උනත් සෑහෙන මුදලක් හොයාගන්න පුලුවන්. මුලින්ම පහත ලින්ක් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න. ලියපදිංචි වෙනකොට ඔයා දිනපතා චෙක් කරන ඊ මේල් ලිපිනය ලබා දෙන්න මොකද ඊ මේල් ලිපිනය තමා ඔයට එන ෆීට් බැක්,එලර්ට්,ඉන්විටේෂන් එන්නේ.\
register සඳහා පින්තුර ප්‍රතිඵල

ඔයා Designcrowd ගිණුමක් හදාගෙන වැඩ පටන් ගන්න කලින් අනිත් අය කරපු Project ඉහෙම අධ්‍යනය කරන්න.මේකට සාමාන්යෙන් Corel Draw,Photoshop,wordpress,illustrator වගේ දැනගෙන හිටියම ඇති.පාරිභෝගිකයා සමග අදහස් හුවමාරු කරගන්නත්,අවශ්‍යයතාව තේරුම් ගැනීමටත් ඉංග්‍රීසි දැනුම යම් තාක් දුරට ප්‍රමාණවත් වෙන්න ඕනේ.හරි අපි හිතමු Logo design එකක් කරන්න යනවා කියලා.එහෙනම් Browse jobs Click කරලා Logo design click කරන්න.

ඉන්පසු ලැබෙන Project වලින් හොද එකක් තෝරාගෙන Description එක හොදට කියවලා බලන්න.තමන්ට වැඩේ හොදට කරන්න පුලුවන්නම් Submit Your Design කියන එක ක්ලික් කරන්න.


දැන් ඔයා හොද Logo එකක් හදන්න.හදලා Submit design File කියන තැනට Upload කරන්න.


ඒවගේ ඔයා submit කරපුවා Watch list වලින් බලන්න පුලුවන්.

ඊට පස්සේ සමහරවිට එම Project එක දැමූ කෙනා ඔයාගේ ඩිසයින් වලට කමේන්ට් කරයි,නැත්නම් යම් යම් වෙනස්කම් කරලා දෙන්න කියයි.එහෙම උනොත් යම් යම් වෙනස්කම් කරලා දෙන්න ඔයාට සිදුවේවි.ඊටපස්සේ එයා ඔයාට සතියක් දෙනවා එක Logo හදන්න යොදාගත් Source file Upload කරන්න. ඔයාට පුලුවන් Submisson Source file ගිහින් Upload කරන්න.ඒවත් බලලා තමා ඔයාගේ Logo එක තෝරගන්නේ.ඔයාගේ Logo එක එතනින් ප්‍රතික්ෂේප වෙන්නත් පුලුවන්.ඕන දෙයකට හොදට මහන්සි වෙන්න ඕනේ.මහන්සියේ තරමට තමා ප්‍රථිඵලත් තියෙන්නේ.මේක දවසකින් බෑ කියලා අතාරින්න එපා.ටික කාලයක් උත්සාහ කරන්න.තමන්ගේ එකක් තෝරාගන්නේනම් එම නිර්මාණය ඉහල ගුණාත්මක භාවයක් තියෙන්න ඕනේ.ඒක පික්සල ගණන,කලර් එක,දිග පලල,කලර් මොඩ් එක,කැන්වස් වගේ දේවල් නියමාකාරයෙන් තියෙන්න ඕනේ.ඔයා මුලින්ම Upload කරන්න ඕනේ logo එකේ praview එක. PNG,JPG වැනි Format එකක් වෙන්න ඕනේ.
එහෙනම් අවුලක් තිබ්බොත් අහන්ඩකෝ,,,,මම Emoney වලට කාපු කට්ට මම විතරයි දන්නේ....දහයේ පන්තියේ ඉදිදී මුලු අවුරුද්දම මෙකට කැප කලා....එහෙනම් මම ගියා ඈ...ආ තව එකක් කියන්න ඕනේ මේ පොස්ටුවේ සමහර දේවල් ගත්තේ හසුන් අයියාගෙ සයිට් එකෙන්....

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: