3G, HSDPA හා HSUPA කියන්නේ මොනවද...?

හ්ම්......ඉතින් සහෝදරවරුනී කොහොමෙයි ජීවිතය...?හ්ම්....අද මොනවා කොටන්නද කියලා හිතා ගන්න බෑ...සරි මම පොඩි දැනුමට යමක් දෙන්නම්කො.....
3G, HSDPA හා HSUPA සඳහා පින්තුර ප්‍රතිඵල 3G, HSDPA and HSUPA සඳහා පින්තුර ප්‍රතිඵල

ගොඩාක් දෙනා මේවාගේ තේරුම දන්නේ නෑ...මේකයි කතාව.සමහර අය 3G, HSDPA, HSUPA ගැන පටලවාගෙනයි ඉන්නෙ.අපි බලමු මේ මොනවද කියල.

3G සඳහා පින්තුර ප්‍රතිඵල

3G යනු (3G- 3rd Generation) යන්නයි. 3G කියන්නේ දත්ත වේගය 384kbpsවන 3වන පරම්පරාවේ දත්ත සේවයක්. එනමි තුන්වන පරපුරෙ ජංගම දුරකථන තාක්ෂණයයි.එහිදී දුරනථනය ඹස්සේ අප අමතන අනෙක් පුද්ගලයාගේ රූපය අපට දැකගත හැකිය. එහි 3.5 පරම්පරාව තමයි HSDPA කියන්නේ. HSDPA වලදී 14.4mbps දක්වා download වේගය ගත හැක. ජංගම දුරකතන තාක්ෂණයේ නවතම පෙරැළිය වන 3G (3G-3rd Generation) තාක්ෂණය නැතහොත් තුන්වන පරම්පරාවේ ජංගම දුරකතන තාක්ෂණය මේ වන විට ලංකාව තුළ කි‍්‍රයාත්මක වෙමින් පවතී.3G යන චචනය සේම එම තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා නොදන්නා බව කරුණු විමැසීමේදී හෙළි වීඇත. පළමුවන පරම්පරාව පැවැති දුර්වලතා මගහරවාගනිමින් ඩිජිටල් තාක්ෂණය සමඟින් දෙවැනි පරම්පරාව (2G-2nd Generation)කරළියට පැමිණියේ ජී.එස්.එම්.තාක්ෂණය සමඟිනි. නමුත් තොරතුරු තාක්ෂණය හා තරඟ කිරීමට අවශ්‍ය විශාල සහ වේගවත් දත්ත හුවමාරුව 2G තාක්ෂණයේ නොවීය.මේ සඳහා කෙරුණු පර්යේෂණවල ප‍්‍ර‍්‍රතිඵලයක් ලෙස 3G තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේය.

HSDPA සඳහා පින්තුර ප්‍රතිඵල

HSDPA යනු High-Speed Downlink Packet Access යන්නයි.මෙහි තාක්ෂණික පැත්ත නම් අපිට වේගයෙන් download කිරීමට ඉඩ සලසා දෙන  තාක්ෂණයක්,නමුත් upload කිරීමේදී ඉහත download කිරීමට සාපේක්ෂව වේගය අඩුයි.ලංකාවේ දැනට 7.2mbps ඉක්මවා ගොසින්  14.4mbpsක දත්ත පරාසයක් තත්පරයක දී ලබාදීමටත් අන්තර්ජාල සේවා සපයන්නන් අදහස් කරගෙන තිබෙනවා. ඒත් අපිට තාම 7.2mbpsතියා 3.6mbps වේගයක්වත් මේ  පුලුල් පරාස ඉන්ටර්නෙට් හරහා ලැබෙනවා දැයි සැකසහිතයි. කොහොමත් ADSL හෝ WiMax තරම් HSDPA ස්ථාවර නෑ කියන එකයි අන්තිමට කියන්න තියෙන්නේ. 

HSUPA සඳහා පින්තුර ප්‍රතිඵල

HSUPA කියන්නේ  High-Speed Uplink Packet Access යන්නයි. HSDPA වල upload වේගය වැඩි කරන ක්‍රමයක්.සමහර අය මේක වරද්දලා  HSDAP කියලා ටෙක්නොලොජි එකක් ගැන කියනවා. නමුත් HSDAP කියලා එකක් නෑ.එහෙනම් ඇති වගේ නේද...?හරි මහන්සියි අෆ්ෆා...එහෙනම් මම කැපුනා ඈ...Good Luck...!!!B.S.............................................<+><+><+><+>......................
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: