අද කියන්න යන දේ උඩින්ම පේනවා නේද...?බය වෙන්න එපා ඈ.මේක අලුත් තාක්ශණයේ නව සොයා ගැනීමක්....තමන්ගේ ම මුත‍්‍රාවලින් පිසු ආහාර අනුභව කිරීමට කැමැතිදැයි යමකු ඔබෙන් ඇසුවහොත්?

නොඅනුමානවම එය ඔබේ සිතේ දැඩි පිළිකුලක් උපදවනු ඇති.එහෙත් ජලය වෙනුවට තමන්ගේම මුත‍්‍රා යොදාගනිමින් ඉතා පිරිසිදු ආහාරවේලක් සකස්කර ගත හැකි නවතම ක‍්‍රමවේදයක් දැන් එක්සත් ජනපදයේ ‘කොම්බැට් ෆිඩින් ඩිරෙක්ටරේට්’ (combat Feeding Directorate) ආයතනය මගින් හඳුන්වාදෙනු ලැබ ඇත. මෙම අලුත් ආහාර සැකැසුම් ක‍්‍රමය යුද භූමියක සටන්වැද සිටින සොල්දාදුවන් වෙනුවෙන් විශේෂයෙන් ම පිළියෙළ කරන ලද්දකි.යුද්ධයක දී ඉතා කටුක පරිසරයක් තුළ දින ගණනාවක්, ඇතැම්විට සති හෝ මාස හෝ ගණනාවක් කල් ගෙවීමට සොල්දාදුවන්ට සිදු වේ. බොහෝ විට වියළි හා සෞඛ්‍යාරක්ෂිත නොවන එබඳු පරිසරයකදි පිරිසිදු ජලය සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තකි. එබැවින් මෙම නවතම ආහාර සැකැසුම් ක‍්‍රමවේදය යුද පිටියේ සිටින සෙබළුනට ඉතා ප‍්‍රයෝජනවත් වනු ඇති බව ‘කොම්බැට් ෆිඩින් ඩිරෙක්ටරේට්’ ආයතනයේ ප‍්‍රකාශිකාවක වන ඩයන් වුඩ් ප‍්‍රකාශ කරයි. මෙම නව ආහාර සැකැසුම් ක‍්‍රමයට අනුව සොල්දාදුවකු හට විශේෂයෙන් සකස් කරන ලද විප්ලිත (dehydrated ) ආහාර පසුම්බියක් ලැබේ. එම පසුම්බියේ ආවරණය නිර්මාණය කර ඇත්තේ සෙලියුලෝස් මූලික කරගෙන තනාගත් ප්ලාස්ටික් විශේෂයකිනි.
මුත‍්‍රා සහ මඩ වතුර වැනි කුමන අපද්‍රව්‍ය ද්‍රාවණයක් වුවද පිරිසිදු කළ හැකි රහස මෙම විශේෂිත ප්ලාස්ටික් ආවරණය තුළ සැඟවි ඇත. එහි එක් පැත්තකින් අපිරිසිදු ද්‍රාවණය ඇතුළු කළ විට එම ජලය සියයට 99.9%ක් දක්වා අතිශය ඉහළ විචිත‍්‍රකරණයකට බඳුන්වන බව ‘කොම්බැට් ෆීඩින් ඩිරෙක්ටරේට්’ ආයතනය පවසයි. අනතුරුව එම පිරිසිදු ජලය විජලිත ආහාර කරා වැස්සෙන අතර, මල්ල තුළ ඇති සකස්කරන ලද වියළි මස් සහ බත් ආදි ආහාර එම ජලය අවශෝෂණය කර ගැනීම සිදුවෙයි. සජලිකරණය වු එම ආහාර අනුභවය සඳහා සුදුසු තත්වයේ පවතියි. අපිරිසිදු ද්‍රාවණයක් මෙතරම් හොඳින් පිරිසිදු කිරීමට තරම් මෙම සෙලියුලෝස් ප්ලාස්ටික් ආවරණයෙහි අන්තර්ගත වන තාක්ෂණය කුමක්ද ?එහි අඩංගු වන්නේ ඉතා සරල තාක්ෂණයක් වීම විශේෂත්වයකි. ආහාර පසුම්බිය වටා තිබෙන ආවරණය නිර්මාණය වී තිබෙන්නේ තුනී සෙලියුලෝස් ස්ථර කිහිපයකින් වන අතර ඒවා ඉතා සියුම් සිදුරු සහිත සෙලියුලෝස් දැල්වලින් සමන්විත වේ. එවැනි දැලක සෙලියුලෝස් කෙඳි දෙකක් අතර තිබෙන පරතරය සැමවිටම නානෝමීටර 0.5 නොඉක්මවයි. එම සියුම් ඉඩ ප‍්‍රමාණය තුළින් ජල අණුවකට පසුම්බිය තුළ වන ආහාර කරා රිංගා යෑමට හැකියාව තිබුණ ද කිසිදු අපවිත‍්‍රකාරක බැක්ටී රියාවකට හෝ විෂබීජයකට හෝ රිංගා යෑමට එම අවකාශය ප‍්‍රමාණවත් නොවේ. ඒ අනුව ආහාර අඩංගු පසුම්බිය තුළට ඇතුළු විය හැකි වන්නේ පිරිසිදු ජලයට ම පමණි.මුත‍්‍රා මඟින් ආහාර සකසන මෙම ක‍්‍රමයෙහි වන තවත් අමතර වාසියක් ඇත. එනම් ආහාර විජලනය කිරීම නිසා සොල්දාදුවකු විසින් උසුලාගෙන යනු ලැබිය යුතු වන ආහාර ප‍්‍රමාණයෙහි බර මෙමගින් සැලකිය යුතු තරමකට අඩු කළ හැකි වීමයි. සාමාන්‍යයෙන් දිනකට අවශ්‍යවන ආහාර වේල් තුන සඳහා සෙබළකු ඔසවාගෙන යායුතු වන බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 0.4 දක්වා මෙමගින් අඩු කර ගත හැකි ය. කෙසේ නමුත් ස්වභාවික නොවන කවර ආහාර රටාවක් වුවද දීර්ග කාලයක් මුළුල්ලේ භාවිත කිරීම නිසා අතුරු ආබාධ ඇතිවීම නොවැළැක්විය හැකිය. ඒ අනුව යුද සෙබළුන්ගේ පහසුව තකා හඳුන්වාදෙනු ලැබ ඇති මෙම ආහාර සැකැසීමේ නව ක‍්‍රමය තුළින් ද අතුරු ආබාධ ඇතිවිය හැකි බව විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. එම ක‍්‍රමයට අනුව සකස් කළ ආහාර දීර්ඝ කාලයක් මුළුල්ලේ ම අනුභව කිරීමට සිදුවුවහොත් සොල්දාදුවන්ට වකුගඩු ආබාධ වැළැඳීමේ අවධානයක් පවතින බව හඳුනාගෙන ඇත.
එහෙනම් මම ගියා ඈ....රෙදි වගයක් හෝදන්න තීනවා...

0 Comments:
Post a Comment