2015 ගෘහස්ථ තාක්ෂණය....

ඉතින් කොහොමද ඉතින්...?
ගෘහස්ථ තාක්ෂණය යනු අප ජීවිතයේ අනෙකුත් අංග මෙන්ම නවීන තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගැනෙන ක්ෂේස්ත්‍රයකි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුලද මෙම තාක්ෂණයන් දැකගත හැකි අතර අනාගතයේදී මෙම නවීන තාක්ෂණයන් බහුල වශයෙන් අපේක්ෂා කල හැකි වේ.
පහතින් හඳුන්වාදී ඇත්තේ එසේ වර්තමානයේ සහ අනාගතයේ අප අතරට එන ගෘහස්ථ තාක්ෂණයන් කිහිපයකී.
2015 multimedia house technology සඳහා පින්තුර ප්‍රතිඵල

උෂ්ණත්ව පාලනය

නවීන තාක්ෂණයට අනූව ඕනෑම තැනක සිට තම නිවසෙහි උෂ්ණත්වය  පාලනය කිරීමේ හැකියාව පවතී. මෙය ඉතා උපකාරී වන්නේ ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවල නිවෙස් තුල හිතකර උෂ්ණත්වයක් පවත්වා ගැනීම සඳහායි. මෙලෙස උෂ්ණත්වය පාලනය හා නියත අගයක පවත්වා ගැනීම  Wi-Fi පහසුකම් සහ sensor-enabled thermostat මඟින් සිදුකරගත හැක. මෙම පද්ධතියට මතක තබා ගැනීමේ හැකියාවක් ඇති අතර එමඟින් ඔබ නිවසෙහි නොමැති අවස්ථාවන්හිදී නිවසෙහි උෂ්ණත්වය පාලනය කිරීමටත් ඇතුලත වාතයේ තත්වය පරීක්ෂා කිරීමටත් හැකියාව පවතී.
2015 multimedia house technology items සඳහා පින්තුර ප්‍රතිඵල

නිවාස ආරක්ෂාව

නිවෙසක් තෝරා ගැනීමේදී, සමීක්ෂණ වලට අනූව, 20%ක වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමිවන බව පෙන්වා දිය හැක. එබැවින් මෙම දියුණු ආරක්ෂක උපාංග ශ්‍රී ලාංකීය නිවාස තාක්ෂණයේද දැකගත හැකිවේ. දොරගුලු මත සවිකර ඇති ඇඟිලි සලකුණු කියවනයන් ( Fingerprint Reader ) ඊට උදාහරණ ලෙස ගෙනහැර දැක්විය හැක. මෙමඟින් දොරගුලු විවර කරන පුද්ගලයාගේ ඇඟිලි සලකුණු, අවසරලත් පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු හා සසඳා බැලේ. එසේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි අවස්ථාවල ඇතුලුවන්නාගේ ඡායාරූපයක් ආරක්ෂක ආයතනය වෙත හෝ නිවෙස් හිමියාගේ ජංගම දුරකථනය වෙත යොමු කල හැක.

ස්මාර්ට් ශීතකරණ

ශීතකරණයක් යනු බොහොමයක් නිවෙස් වල භාවිතයට ගනු ලබන ගෘහස්ථ උපකරණයකී. ඒසේ වෙතත් ගෘහනියන් කරදරයක් සේ සලකනු ලබන ක්‍රියාවක් වන්නේ එම ශීතකරණය පිරිසිඳු කිරීමයි. මෙයට විසඳුමක් ලෙස Ocado විසින් නව පරපුරේ ශීතකරණයක් වන Self-Cleaning Fridge නිර්මාණය කර තිබේ. නුදුරු ආනාගතයේදී ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වලද මෙම ශීතකරණ දැකගත හැකි වන අතර මෙහි ඇති අනෙකුත් විශේෂත්වය වන්නේ එයට ඉතිරි ආහාර ප්‍රමාණයන් ද , අවසන් වූ ආහාර වර්ග සහ කල් ඉකුත්වූ ආහාර වර්ගද හඳුනා ගැනීමේ හැකියාවයි.
2015 multimedia house technology items සඳහා පින්තුර ප්‍රතිඵල
පිරිසිඳු කිරීමේ රොබෝ යන්ත්‍ර

Robot vacuum Cleaner යන්ත්‍රය

කොසු මඟින් නිවෙස් අතුගෑමයි ශ්‍රී ලාංකීය ගෘහනියන්ගේ නිශ්චිත දෛනීක අංගයකි. එය ඉතා වෙහෙසකර වූ ආතතිය දනවන ක්‍රියාවකි. නමුත් අනාගතයේ බොහෝ නිවෙස්වල මේ සඳහා අධි-තාක්ෂණයෙන් යුක්ත ස්වයංක්‍රීයව ක්‍රියා කරන  Robot vacuum Cleaner යන්ත්‍ර දැකගත හැකිවේ. මීට උදාහරණයක් ලෙස දැනට වෙළඳපලෙහි පවතින Roomba 880 හැඳින්විය හැකි අතර මෙයට ස්වයංක්‍රීයව  මුළු නිවෙස පුරා පිරිසිදු කර නැවත ආරම්භක ස්ථානයට පැමිණීමේ හැකියාව පවතී.යන්න වෙලාවත් හරි නේද...?ඕන් මම කැපුනා...
කැත නැතුව Comment එකක් දාලම යමු නේද...?

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: