නව ලෝකයේ HoloLens උපැස් යුවල ....

ඉතින් කොහොමද ඉතින්...?මම අද කතා කරන්නේ Technology එක ගැනයි.පටන් ගමු ඈ...Holographic කියන්නේ තාත්වික ලෝකය මතට අතාත්වික (Virtual) වස්තූන් ප්‍රක්ෂේපණය කරන ආකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්.
HoloLens උපැස් යුවල සඳහා පින්තුර ප්‍රතිඵල
සිනමා පට වලදී නම් ඔබ මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මේ වගේ Virtual දේවල් මවා පෙන්වන්නටත්, ඒවා සමඟ ඔබේ අංග හරහා අන්තර් ක්‍රියා කරන්නටත් හැකියාව ඇති අපූරු උපැස් යුවල් හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකියාව ලැබුනා. Google සමාගමේ Google Glassට වඩා දියුණු ආකාරයකට අවට පරිසරයේ ඇති දේවල් පිළිබඳව සංවේදක හරහා අවබෝධයක් ලබාගැනීමටත් ඒවා මතට හෝ ඒවා සමඟ අන්තර්ක්‍රියා කළ හැකි ආකරයකට Virtual දේවල් මවා පෙන්වීමට මේ HoloLens උපැස් යුවල සමත්.
ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ  නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා.
HoloLens උපැස් යුවල සඳහා පින්තුර ප්‍රතිඵල කෙසේ නමුත් HoloLens හි මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනයක් පිළිබඳව කිසිදු අදහසක් දැනට පළ කර නැහැ. අවසානයේ වින්ඩොස් 10 හඳුන්වා දීමට පැවැත්වූ උත්සවයේ විශිෂ්ඨතම හඳුන්වා දීම බවට පත් වුනේ HoloLens බව කවුරුත් පිළිගන්නා දෙයක්.
යන්න වෙලාවත් හරි නේද...?ඕන් මම කැපුනා...
කැත නැතුව Comment එකක් දාලම යමු නේද...?

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: