ඉතින් කොහොමද ඉතින්...?
වැහි කාලෙට අපිට නැතුවම බැරි දෙයක් තමයි කුඩය. හැබැයි ඉතින් තෙමුණු කුඩයක් අරගෙන යනවා කියන එකත් ඒ තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ වගේම තමයි වැස්සෙන් හොඳින් ආවරණය සලසන්නේ හොඳ ලොකු කුඩයක් වුනත් ඒ වගේ එකක් අරගෙන යන එක සමහර වෙලාවට වැස්සෙන් තෙමෙන එකට වඩා කරදර වැඩක්.
ඒ විතරක් නෙමෙයි, තදින් සුළං හමන වෙලාවක කුඩයක් මෙල්ල කරගන්න නම් දෙතුන් දෙනෙක් ඕනේ වෙනවා.

මේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන අපූරු කුඩයක් නිර්මාණය කරන්න චීන සරසවි සිසුන්පිරිසක් සමත් වෙලා තියෙනවා. මේ පළමු ඡායාරූයේ පෙන්වන්නේ ඒ අලුත් කුඩය තමයි. බැලූ බැල්මට නම් මේ අපිට හුරු පුරුදු කුඩයක් නෙමෙයි. ඒක ඇත්ත. මේ කුඩේ බොහොම වෙනස් කුඩයක්. සාමාන්‍යයෙන් කුඩයේ අත්‍යාවශ්‍යම කොටසක් වන කුඩ රෙද්ද මේ කුඩයට නැහැ. මේ කුඩය ඔබව වැස්සෙන් ආරක්‍ෂා කර ගන්නේ බොහොම අපූරු උපක්‍රමයකට.

කුඩයේ ඉහල තියෙන ගෙඩියක් වැනි කොටසේ තියෙනවා ෆෑන් එකක්, ඒ කියන්නේ විදුලි පංකාවක්. මේ විදුලි පංකාවෙන් බොහොම සැර වායු ධාරාවක් පිටතට නිකුත් කරනවා. කවුළු වගේ පෙනෙන තැන් වලින් තමයි මේ වායු ධාරාව පිට කරන්නේ. මේ වායු ධාරාවට පුළුවන් වැටෙන වැසි බින්දු ඉවතට තල්ලුකර හරින්න. මේ නිසා කුඩය යට ඉන්න කෙනාව තෙමෙන්නේ නැහැ. දෙවෙනි ඡායාරූපයේ පෙන්වන්නේ ඒ විදියට වැසි බින්දු ඉවතට තල්ලු කරන ආකාරය.

මේ කුඩයට බලය සපයන්නේ කුඩ මිටේ තියෙන බැටරි වලින්. බැටරි වල ආයු කාලය විනාඩි 15ත් 30ත් අතර වෙනවා. බැටරි ආයු කාලය තව වැඩි කරන්න මෙහි නිර්මාපකයින් සැලසුම් කර තියෙන බව සඳහන් වෙනවා. තවමත් මෙම කුඩය වෙළඳපොලේ මිලදී ගත නොහැකි වුනත් ඔබට ඇනවුම් කරන්න පුළුවන්.
2015 දෙසැම්බර් මාසයේ සිට මෙම ඇනවුම් වලට කුඩ ලබා දීමට මෙහි නිෂ්පාදකයින් සුදානම්.
යන්න වෙලාවත් හරි නේද...?ඕන් මම කැපුනා...
කැත නැතුව Comment එකක් දාලම යමු නේද...?

0 Comments:
Post a Comment