සූර්ය බලයෙන් ධාවනය වන family-car එක ...

ඉතින් කොහොමද ඉතින්...?
මේ පින්තුරේ තියෙන්නේ මොකක් කියලද හිතෙන්නේ?
වාහනයක් බව බව නම් පැහැදිළියි. හැබැයි මේක බොහොම වෙනස් වාහනයක්. මේක තමයි ලොව ප්‍රථම සූර්ය බලයෙන් ධාවනය වන family-car එක ලෙස සැලකෙන්නේ.
Stella(family car) සඳහා පින්තුර ප්‍රතිඵල
මෙයාගේ නම තමයි Stella. මෙය නිපදවා තියෙන්නේ නෙදර්ලන්තයේ Eindhoven University of Technology මගින්.

මේ කාර් එකේ වහල සම්පුර්ණයෙන්ම වැසී තියෙන්නේ සූර්ය පැනල වලින්. මෙහි බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය වූ විට මේ කාරයට කිලෝමීටර් 800ක් පමණ දුරක් ධාවනය කරන්න පුළුවන්. එපමණක් නෙවෙයි, හොඳින් සූර්යාලෝකය ඇති දිනකදී නම් පැයට කිලෝමීටර් 130ක පමණ උපරිම වේගයකින් ධාවනය කරන්නත් පුළුවන්.
Stella(family car) සඳහා පින්තුර ප්‍රතිඵල
පසුගිය සැප්තැම්බර් 22 වෙනිදා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් සිට සැන්ෆ්‍රැන්සිස්කෝ දක්කවා පරික්ෂණ චාරිකාවක් සාර්ථවක නිම කරන්න මේ කාර් එකට හැකි වුනා. මේ ගමනේදී වාහනයේ කිසිම කරදරයක්, දෝෂයක් මතු නොවුනත් වටේ සිටි මිනිසුන්ගෙන් නම් ටිකක් විතර කරදර සිදු වෙලා තියෙනවා. ඒ ඉතින් වෙන දෙයක් නිසා නෙමෙයි, මේ කාර් එකේ ඡායාරූපයක් ගැනීමේ ඇති දැඩි උනන්දුව නිසා.
Stella(family car) සඳහා පින්තුර ප්‍රතිඵල
තව වසර පහකින් දහයකින් පමණ මෙම කාරය වෙළඳපොල මට්ටමට දියුණු කිරීමට හැකි වෙයි කියල තමයි මෙහි නිෂ්පාදකයින් කියන්නේ. හැබැයි ඉතින් මේකේ විශාලත්වය ගැන හිතනකොට නම් මාර්ග තදබදය එහෙම කොහොම වෙයිද දන්නේ නෑ. කොහොම වුනත් පර්යේෂණ කියන්නේ එක රැයකින් නිමි භාණ්ඩයක් වෙළඳපොලට නිකුත් කරන ක්‍රියාදාමයක් නෙමෙයි. ඒ නිසා එවැනි ගැටළු වලටත් සාර්ථකව ඉදිරියේදී පිළියම් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වේවි.යන්න වෙලාවත් හරි නේද...?ඕන් මම කැපුනා...
කැත නැතුව Comment එකක් දාලම යමු නේද...?

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: