Cyborg Unplug වලින් වැටක් බඳිමු...

ඉතින් කොහොමද ඉතින්...?
නවීන තාක්ෂණික භාවිතාවන්ගේ ප්‍රයෝජනයන් සේම කරදරකාරී, අනර්ථකාරී පැතිද තිබෙනා බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට සියලුම අන්තර්ජාල සබඳතා ‍රැහැන් රහිත ජාල බවට පත්වෙමින් යන අතරේ ගූගල් ග්ලාස්, වයි ෆයි ස්පයි කැමරා වැනි උපාංග කරලියට විත් තිබේ.
wifi Cyborg Unplug සඳහා පින්තුර ප්‍රතිඵල
මේ එකතුවෙන් සිදුවිය හැකි අනර්ථයන් මොනවාද? යමෙකුට ඔබේම ජාලය භාවිත කරමින් පහසුවෙන් ඔබ ගැන ඔත්තු බැලීමට, අනවශ්‍ය ලෙසින් ඔබ ගැන දත්ත එක් ‍රැස්කිරීමට හැකියාව ලැබෙනු ඇත!
මෙවැනි අවස්ථාවන් වැළැක්වීමට අනගි සහායක් ලබාදෙන උපාංගයක් වන්නේ හඳුන්වාදෙන Cyborg Unplug ය. මෙහි ක්‍රියාකාරිත්වය සරලවම සඳහන් කරන්නේ නම්, ඊට ඔබේ ‍රැහැන් රහිත ජාලය වෙත අනවසරයෙන් සම්බන්ධ වන උපාංග හඳුන්වාගැනීමටත්, අවශ්‍ය නම් ඒවාට අන්තර්ජාලය වෙත ප්‍රවේශ වන්නට ඉඩ නොදීමටත් හැකියාව තිබේ.
wifi Cyborg Unplug සඳහා පින්තුර ප්‍රතිඵල
 මෙහිදී ඔබගේ අවසරයකින් තොරව ඔබේ වයි ෆයි ජාලයට රහසේ සම්බන්ධ වී, ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත කරනා අන්තර්ජාල පරපෝෂිතයින් හටද වැට බැඳීමට Cyborg Unplug උපාංගයට හැකියාව ලැබෙනු ඇත!
යන්න වෙලාවත් හරි නේද...?ඕන් මම කැපුනා...
කැත නැතුව Comment එකක් දාලම යමු නේද...?

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: