Maths වලින් ගොඩ යන්න පොඩි තල්ලුවක්...


ඕන්... දවස් ගානකට පස්සේ පොස්ට් එකක් දාන්න ආවා.ආ...අද නිදහස් දිනේ නේද?(අපිට මොන නිදහස්ද නේ...)ඉස්කෝලෙ වැඩයි සේරම ගොඩ ගැහෙද්දී මොන නිදහස්ද නේද සහෝ...
ඒත් ඉතින් එහෙම කියල මොට්ටයෙක් වෙන්න බෑනේ.ඒ හින්දා මම අද ගෙනාවා පොඩි Maths Trick එකක්.අපේ ගොඩක් අයියලාට Maths එපා උනාට කරගත්තොත් ගොඩම තමා.

වැඩි කතා ඕනෙ නෑ අවදානයෙන් කියවන්න.
1)ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගුණකිරීමේදී ඒවායේ දශමස්ථානයේ ඈති සංඛ්‍යා දෙක සමාන නම් හා එකස්ථානයේ ඇති සංඛ්‍යා දෙකේ එකතුව 10ට සමානනම් මෙම ක්‍රමය වලංගු වෙනවා.
උදාහරණ~84*86(මෙහි දී මම ගුණ කිරීම වෙනුවට යොදල තියෙන්නේ * ලකුණ. ඒ කියන්නේ IT වල ගුණ කරන්න මේක තමා ගන්නේ.මේකෙ කිසි වැරැද්දක් නෑ.)
මෙම සංඛ්‍යා දෙකේම දශමස්ථානයේ තියෙන්නේ 8 ඉලක්කම.ඒක ඊට වඩා එකක් වැඩි සංඛ්‍යාවකින් ගුණ කරන්න.
උදාහරණ~8*9=72
එකස්ථානයේ ඈති සංඛ්‍යා දෙක එකට ගුණ කරන්න.
උදාහරණ~4*6=24
ඉහත අපි ස්ථාන දෙකක දී ගුණ කිරීම් කරා.දැන් ඒ ගුණිත දෙකේ පිළිතුරු එකට ලියන්න.7224
ඒ කියන්නේ 84*86=7224කොහොමද වැඩේ...

ප්‍රයෝජනයක් උනානම් Comment පාරක් ගහලම යන්නකෝ...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: