පාඩම් කළ යුත්‍‍‍තෙ‍් කො‍හොමද?

"මේ ළමයාගේ වැඩේ සෙල්ලම් කරන එකමයි........ කොච්චර කිව්වත් අහන්නෙ නෑ....... පොතපතක් අල්ලලා පාඩම් කරන්නේම නැහැනේ.......ඔහොම සෙල්ලම් කරන්න ගියොත් විභාගේ නම් පේල් වෙනවා සිකුරුයි". විභාගය කිට්ටු වන විට ඔබගේ වැඩිහිටියන් ගෙන් අහන්න වෙන වදන් වැලකුයි ඉහතින් සඳහන් කළේ....
study සඳහා පින්තුර ප්‍රතිඵල
 ඔබගේ මවුපියන්ගේ ඒකායන බලාපොරොත්තුව ඔබව තරගකාරී විභාගවලින් ජයග‍්‍රහණය කරවා සමාජයේ ඉහළ තැනක සිටින මිනිසකු කිරීමයි. එම නිසා ම ඔබගේ විභාගය කිට්ටු වන විට ඔබටත් වඩා දැඩි වුවමනාවකින් මෙන් දැඩි භීීතියකින් පෙළෙන්නේ ඔබගේ මවුපියන්ය. මගේ පුතා මෙවර විභාගය පාස් වෙයි ද? යන්න ඔබගේ මවුපියන්ගේ මනසේ රැව් පිළිරැව් දෙන සිතුවිල්ලක් වී තිබේ.මේ නිසා ම වැඩිහිටි මවුපියන් තම දරුවාට බලහත්කාරයෙන් පත පොත පාඩම් කරවීම සඳහා යොමු කරති. මවුපියන් මේ මඟින් දරුවාට කරන බලපෑමෙන් ඔවුන්ගේ හිස මතට අමතර බරක් යොදවයි. සමහර මවුපියන් දරුවාට බලහත්කාරයෙන්් පාඩම් කිරීම සඳහා යෙදවීමට බැන වදිමින් ද පහර දෙමින් ද තරවටු කරන වාර ද අනන්තය. ඇත්ත වශයෙන් ම මවුපියන් මේ සියල්ල ම කිරීමෙන් බලාපොරොත්තු වන්නේ දරුවාගේ විභාග ජයග‍්‍රහණය කරවීම වුවත්, මේ අයුරින් කෙනකු බලහත්කාරයෙන්් පාඩම් කටයුතු සඳහා යෙදවීම කළ නොහැකි බව අවබෝධ කරගත යුතුයි.බලහත්කාරයෙන් දරුවාට පත පොත පාඩම් කටයුතු සඳහා දිනපතා ම යෙදෙව්වත් පාඩම් කිරීම දරුවා තුළ කැමැත්තක් නැතිනම් - මවුපියන්ට ඇති බිය නිසා ම දරුවා පත පොත පාඩම් කළ ද - පාඩම් කරන කිසිවක් දරුවාගේ මතකයේ රැදන්නේ නැත. මේ අයුරින් ඔහු මවුපියන්ට ඇති බිය නිසා විභාගය කිට්ටු වනතුරු ම දිනපතා ම පාඩම් කළත් ඔහු විභාගයෙන් අසමත් වේ. ඒ මන්දයත් පාඩම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ මවුපිය කැමැත්ත හෝ බලපෑම් නොව දරුවා තුළ හටගන්නා කැමැත්ත බව පැවසිය යුතුයි.මම දැන් පාඩම් කරන්න ඕනෑ..... යනුවෙන් දරුවා තුළ ඇතිවන සිතුවිල්ල හොඳින් මතක තබා ගැනීමට ඉතාමත් වැදගත්ය. මේ අනුව පාඩම් ඛ්ලම සඳහා කැමැත්ත ඔබ තුළ ම පිළිසිඳ ගත යුතු බව ඔබට අවබෝධවනු ඇත.
study සඳහා පින්තුර ප්‍රතිඵල

සෑම දරුවකු සතුව යම්කිසි බුද්ධි මට්ටමක් තිබේ. සමහර දරුවන්ගේ බුද්ධි මට්ටම් අඩුවන අතර, තවත් සමහරකුගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ අගයක පිහිටීමට පුළුවන. කෙනකු තුළ පවතින මේ බුද්ධි මට්ටම අධ්‍යාපනය මඟින් අවබෝධ කර ගැනීම මඟින් වර්ධනය කර ගැනීමට පුළුවන. දරුවකු පාඩම් කරන්නේ තමාගේ බුද්ධි මට්ටමට සමාන්තරවය. නමුත් ඕනෑම කෙනකුට අධ්‍යාපනය තුළින් තම බුද්ධි මට්ටම වර්ධනය කර ගැනීමට පුළුවන. ඒ සඳහා දරුවාගේ උත්සාහය කැමැත්ත අත්‍යාවශ්‍යය.දරුවකුගේ බුද්ධිය බෝතලයකට සමාන කළොත් ඒ බෝතලය ට දරා ගත හැකි ප‍්‍රමාණයක් තිබේ. එනම් බෝතලයේ පිරෙන තුරු වතුර දමා පසුව තව කොතෙකුත් වතුර දැම්මත් ඒ වතුර පිටාර ගලමින් ඉවතට ගලා යාම දක්නට ලැබෙනවා සේම දරුවන්ගේ බුද්ධියට දරා ගත හැකි අයුරින් ඔහු පත පොත පාඩම් කළ යුතුය. එසේ නැතිව මනසටත්, කයටත් වද දෙමින් ඔහු කොතෙක් පාඩම් කළ ද ඒවා මතකයේ නොරැද්. කාලය අපතේ නාස්ති වී යාමට පුළුවන.එබැවින් දරුවකු පාඩම් කළ යුත්තේ තමන්ගේ පූර්ණ කැමැත්ත මත තමන් තෝරා ගත් නියමිත කාල වේලාවක් තුළය. දිනපතා ම තමන් පාඩම් කළ යුතු කාලය, වේලාව තීරණය කළ යුත්තේ ඔබමය. ඔබගේ ම ස්වකැමැත්තෙන් තෝරා ගන්නා වේලාව ඔබගේ ම මතක ශක්තිය වර්ධනය කර ගැනීමට හොඳම වේලාව වනු ඇත.පාඩම් කිරීමට වඩාත් උචිත යැයි කියන කාල වේලාවක් සඳහන් කිරීම අපහසුය. ඒ මන් ද යත් කෙනකුගෙන් කෙනකුට පාඩම් කිරීමට වඩාත් රුචියක් දක්වන කාලය වෙනස් විය හැකිය. එබැවින් ඔබට පාඩම් කිරීම සඳහා වඩාත් සුදුසු වේලාව ඔබ ම තෝරා ගත යුතුය. මේ වේලාව තෝරා ගැනීම ඔබගේ කැමැත්ත පරිදි සිදුවිය යුතුයි. එය උදය කාලය, දිවා කාලය, සවස් කාලය හෝ වීමට පුළුවන. ඔබ මෙසේ තෝරා ගත් ඔබට සුදුසුම කාල වේලාව තුළ හොඳ අවබෝධයකින් යුතුව පැයක් - පැය එකහමාරක් පමණ අදාළ විෂය පාඩම් කිරීම ආරම්භ කළ යුතුය. එමෙන් ම පාඩම් කිරීමට වඩාත් සුදුසු වන්නේ බාහිර ශබ්ද ඝෝෂාවලින් තොර නිස්කලංක පරිසරයක් බව අමතක නොකළයුතුය.
study සඳහා පින්තුර ප්‍රතිඵල

මම දැන් කොච්චර පාඩම් කළා ද.......? ඒත් පොඩ්ඩක්වත් මතක හිටින්නෙ නැහැනේ......?

මේ දිනවල පාඩම් කරන ඔබ නිතරම කරන පැමිණිල්ලකුයි ඒ. මේ අයුරින් ඔබ පාඩම් කරන කරුණු ඔබගේ මතකයේ නොරැඳී ඉතා කෙටි වේලාවකින් අමතක වන්නේ ඔබගේ මතකයේ හෙවත් ධාරණයේ පවතින අඩුපාඩුවක් නිසා නොව ඔබ කරුණු මතක තබා ගැනීමට අනුගමනය කරන ක‍්‍රමයේ පවතින අඩුපාඩුවක් නිසා බව අත්දැකීමෙන් පවසමි.
+++වැදගත් උනා නම් Comment එකක් දාලම යන්නකෝ ඈ...+++

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: