කොහොමද අපි අමතක නොවන විදිහට පාඩම් කරන්නේ....

මේ ලිපිය නම් ගොඩාක් දිගයි.එත් කමක් නෑ මම ටික ටික කියලා දෙන්නම් කෝ...
පොතක් පාඩම් කරලා අවසන් වුණාම සිතට දැනෙන්නෙ ලොකු සැහැල්ලුවක්. ඊළඟට අනික් ‍පොත පාඩම් කරන්න ගන්නවා. මේ හැම ‍පොතකම  තියෙන ඔබට රසවත් යැයි හැඟෙන දේවල් ඔබේ මතකයෙ තියනවා....

study සඳහා පින්තුර ප්‍රතිඵල

 ඒ අනුව පාඩම් හොඳින් මතක තියනවා කියල ඔබ සතුටු වේවි. ඒත් කවුරු හරි ඔබෙන් දිගින් දිගට ප්‍රශ්න අහනකොට තමයි ඔබට හීන්දාඩිය දමන්නෙ. මොකක්ද මෙහෙම වෙන්න හේතුව ?
සාමාන්‍යයෙන් අප කියවන දෙයක් දවස් තුනක් විතර ඉක්ම ගියාට පස්සේ 50ක් පමණ තමයි මතකයෙ රැඳී පවතින්නෙ. තවත් ටිකක් කල් යනකොට කරුණු කීපයක් පමණක් මතකයෙ ඉතිරි වී තියෙන්න පුළුවන්.
ඔබේ කාලය, මහන්සිය, ශ්‍රමය, මුදල් සියල්ලම වතුරෙ ගිහින් නේද? ටික කලක් ගිහින් නැවත ඒ පාඩම් කියවන කොට අලුත්ම අලුත් දේවල් විදිහට හිතට දැනෙන්න පුළුවන්. මෙහෙම නොවෙන්න නම් මොකක්ද කළ යුත්තෙ?

කොහොම වුණත් අපේ මොළය අපි හිතන තරමටම නරක නෑ.

කොයිතරම් දේවල් අපේ මතකයෙ රැඳී තියනවද කියලා මඳකට කල්පනා කර බලන්න. අපි ආස කරන අපට වැදගත් දේවල් අපේ මතකයෙ තිබෙනවා. එහෙම නම් හැම දේම මතක නැත්තෙ ඇයි? එයට හේතුව මොළය විසින් රඳවා ගනු ලබන්නෙ මොළයට වැදගත් දේවල් පමණක් වීමයි. පාඩම් කරන දේවල් අපට වැදගත් වුණාට ඒවා මොළයට වැදගත් වන්නෙ නෑ.
study සඳහා පින්තුර ප්‍රතිඵල
මොළයට වැදගත් වන්නට නම් පාඩම්වල කරුණු එකතු කිරීමට අප තුළ ආශාවක් ඇති විය යුතුයි. ඒවා එකතු කිරීමෙන් අපට සතුටක් ලැබෙනවා නම් මොළය ඒවා තමන් තුළ එක්  රැස්කර තබා ගන්නවා. ‘මගෙ අනාගතය ගොඩනගාගන්නට මේ දැනුමෙන් උගතෙක් වෙන්න ඕනෙ’ කියන ඉලක්කය මත ඔබ ඉන්නව නම්, ඔබේ උත්සාහය දෙමාපියන් අගය කරනව නම් ජයග්‍රහණයන්වලදී තෑගි බෝග ලැබෙනව නම්  එයින් සතුටක් ලැබෙන නිසා මොළය විෂය කරුණු සොය සොයා යන්නට පටන් ගන්නවා. හේතුව  ඒ හැම දේකින්ම මොළයට උත්තේජනයක් ලැබිමයි.
දැන් අපි බලමු විෂය කරුණු සිහියෙ තබා ගන්නා ආකාරය ගැන.
තමන් කැමති ඕනෑම දෙයක් අපට නැවත නැවතත් මතක් වෙනව වගේම ඒවා මතක් කිරීමෙන් අපට ලැබෙන සතුට නිසා ඒ සතුට අපි නැවත නැවතත් විඳින්න උත්සාහ දරනවා. ඒවා පිළිබඳ සාකච්ඡා කිරීම, එලෙස ඒවා සමගම ජීවත්වීම, කරුණු විවේචනය කිරීම වැනි දේවල් කරන්නට මනස පෙළඹෙන්නෙ ඒ සතුට විඳීම උදෙසායි. මේක තමයි යමක් මතකයෙ තැන්පත් කර ගැනීමට අවශ්‍ය නියමම පිළිවෙළ වන්නෙ. කරුණු නීරස නම් එයින් ඔබට සතුටක් දැනෙන්නෙ නැත්නම් ඒවා මතක තියාගන්නට උත්සාහ කිරීමත් බොරු වැඩක් විය හැකියි.
‍පොතකින් යමක් කියවන විටම ඒ කියවූ කොටස කෙටි ප්‍රශ්නයක්් බවට පත් කරගන්න. මෙසේ මුළු ‍පොතේම තිබෙන පාඩම් ‍පොත්වල ලියන්නට උත්සාහ නොකර ඒවා ඉහතද  කියූ පරිදි කෙටි ප්‍රශ්න ලෙස වෙනම ලියා ගන්න. ඒවා විෂය කරුණුවලට හරියටම ඉලක්ක කළ යුතුයි. නිදසුනක් ලෙස රජ කෙනෙක් ෙචෙත්‍ය හයක් සෑදුවේ නම් ෙචෙත්‍ය හය ලෙස ප්‍රශ්නය ඇතුල් කරන්න. එවිට ඔබට ෙචෙත්‍ය හය ගැනම මතක් කරන්නට සිදුවෙනවා. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීම ‍පොතේ එම පරිච්ජේදය කියවූ ගමන්ම කළ යුතුයි. ඉන්පසු දවෛනි හෝ තුන්වෙනි දවසේ මෙය නැවත කරන්න. පිළිතුරු මතක නැති ප්‍රශ්න තිබුණොත් ඒවා අලුත් ප්‍රශ්න ලෙස නැවත එකතු කරන්න. සතියකට පසු නැවතත් මේ ප්‍රශ්න ගෙන පිළිතුරු ලියන්න. දැන් ඔබට මේවා කවදාවත් අමතක නොවන ලෙස මතකයේ තැන්පත් වී තිබේවි.
ආයෙ ආයෙත් මේකම කරන විට අනික් ඒවා පාඩම් කරන්න වෙලාව කෝ කියලා දැන් ඔබ හිතනවා ඇති. ඒවාට කාලයක් නැතිවේවි කියා බිය වන්න එපා. මතෛක් කලක් ඔබ කියවූ දේවල් ජීර්ණය කර නොගත් නිසයි ඒ තත්ත්වය ඇති වුණේ. ඔබ කළ දේ සමග ජීවත් වෙන්න ඔබට පුළුවන් වුණා නම් කාලය ගැටලුවක් වන්නෙ නෑ.
යම් දීර්ඝ දෙයක් මතක තබා ගන්නට ඔබට පහත ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. නිදසුනක් ලෙස අපි මෙහෙම හිතමු.
brain සඳහා පින්තුර ප්‍රතිඵල
පරිසරය විනාශ වීමට හේතු  එකොළහක් තිබෙන්නේ යැයි සැලකුවොත් මේ එකොළහ පිළිවෙළට මතක තබා ගන්න අසීරු විය හැකියි. එවිට කළ යුත්තේ ඒ හේතු එකොළහ කොටස් හතරකට පමණ කඩා ගැනීමයි. මේ කොටස් හතරට වෙනම උප මාතෘකා දමා කෙටියෙන් සකස් කර ගත යුතුයි. ඒ කොටස් හතර ඇතුළත අර හේතු එකොළහ අන්තර්ගත විය යුතු බව සිහි තබා ගන්න. මේ අනුව උප මාතෘකා දමා කෙටි සටහනක් ලෙස පාඩම් කළ විට මෙය ඔබට පහසුවෙන් මතකයේ රඳවා ගත හැකියි.
විෂය කරුණු මතක තබා ගැනීම හිතන තරමට අමාරු නෑ. සමහර ශිෂ්‍යයන් පන්තියේ දිගටම පළමු වැනියා වෙන්නෙ කොහොමද?
මෙහි රහස විශේෂ හැකියාවක්ම නොවෙයි. හැම කෙනාගෙම මොළයට බොහෝ දේවල් ගමන් කරන්නෙ එකම ආකාරයටයි. වෙනස තියෙන්නෙ මොළය පාවිච්චි කරන පිළිවෙළයි. හැමදාමත් පළවෙනියා වන ශිෂ්‍යයකු පාඩම් කරන්න පටන් ගන්නෙ කලින් විභාගය අවසන් වූ දිනවල සිටමයි. තමන් දවෛනියා වෙයි කියන බය සහ ලැජ්ජාව නිසා ඔවුන් පාඩම් කිරීමට විභාගය කට මුලටම එනතුරු හිඳින්නෙ නෑ.
අනෙක් කාරණය නම් විභාගයකින් පළවෙනියා වූ විට මට මේක පුළුවන් කියන ආත්ම විශ්වාසයත් සිතට ඇතිවීමයි. ඒ අනුව තමයි ඉදිරියටම යාමේ ශක්තිය ඇති වන්නෙ.
සැප සම්පත් යාන වාහන යන මේ සියල්ලන්ටම වඩා සමාජ පිළිගැනීමත්් අධ්‍යාපනය ඔස්සේ ඉහළටම ගිය පුද්ගලයකුට ලැබෙන බව සිහි තබා ගන්න. අපි අද දවසේ වෙහෙස විය යුත්තේ ඒ නිසයි.
+++වැදගත් උනා නම් Comment එකක් දාලම යන්නකෝ ඈ...+++
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: