~~ඉගෙන ගන්න පටන් ගමු...Part-1~~

ඉගෙන ගන්නා වයසේ දී හරියට ඉගෙන නොගෙන කාලය නාස්ති කල අය විභාග වලින් අසමත් වී තමන්ගේ කරැමයට හෝ ග්‍රහයෙකුට දොස් කියති...
ජීවිතය ගොඩ නගමු... සඳහා පින්තුර ප්‍රතිඵල

 යාන්තම් සමත් වී රැකියාවක් සොයා ගැනීම දුෂ්කර වූ අය රජයට හා ධනපති ආර්ථික ක්‍රමයට දොස් කියති. ඉහළින් සම්මාන ඇතිව සමත් වී සිටින නමුත් කිසිවක් කිරීමට දැනුමක් නැති අය අධ්‍යාපන ක්‍රමයට බනිති. තමන් තෝරාගත් විෂයයන් රැකියාවක් කිරීම සඳහා නුසුදුසු හෝ අවශ්‍ය ඒවා නොවන බව ඔව්හු දනිති. එහෙත් දොස් පවරන්නේ රජයට, සමාජයට හෝ දේශපාලන ක්‍රමයටය. රැකියා කරන බොහෝ දෙනා තම රැකියාව හරියාකාරව ඉටු නොකර හා අලසව සිටිමින් වැඩි පඩි හා උසස්වීම් ඉල්ලති. ඉහත සඳහන් කළේ නොදියුණු මිනිස් ගති වලින් ස්වල්පයකි. දියුණු මනසක් ඇති අය තමන්ගේ නොදියුණුකමට හේතුව තමන් තුලින් දකිති. අ.පො.ස. සාමාන්‍ය පෙල හෝ උසස් පෙල හෝ උපාධිය යනු රැකියාවක් සඳහා ලබන පුහුණුවක් නොවන බව උගත් දරැවන් දනිති. එම නිසා ඔව්හු තම උගත්කමට ගැලපෙන රැකියා පුහුණුව සඳහා කටයුතු කරති. වෛද්‍ය හෝ ඉංජිනේරැ උපාධියක් ලැබීම යනු රැකියාවකට, වෘත්තියකට නොහොත් සමාජයට අත්‍යාවශ්‍ය යම් වැඩ කොටසක් කිරීම සඳහා පුහුණුවක් ලැබීමකි. ඕනෑම උපාධියක් ඒ උගත් විෂයයෙන් වැඩ කොටසක් කිරීම සඳහා පුහුණුවක් ලැබීමක් නොවේ. අපේ රටට අවශ්‍ය තරමට අවශ්‍ය උගතුන් හා පුහුණු අය නැත. වෙනත් රටවල ද එය එසේමය. එම නිසා රැකියා පුරප්පාඩු ඇති රටවල් සොයා බොහෝ උගතුන් හා පුහුණුව ලැබූ අයට යා හැකියි. ඔබ කම්කරැවෙක් නම් එයින් මිදීමට ඇත්තේ එකම එක මාර්ගයකි. එනම් තමන්ගේ උත්සාහයෙන් ඉගෙන ගෙන හෝ පුහුණුවක් ලැබ තමන්ගේ තත්වය උසස් කරගැනීමයි. එසේ වෑයම් නොකරද්දී කුමන රජයක් යටතේ වුව ද ඔබට කම්කරැවෙක් ලෙසම ඉන්නට සිද්ධ වේ. එක කාර්මික විද්‍යාලයක මා පැවැත් වූ දේශනයකින් පසුව මා වටා රැස් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මගෙන් විවිධ ප්‍රශ්න ඇසූහ. වැඩි දෙනෙක් තම මුල් ගුරැවරයාගේ දේශපාලන පක්ෂපාතකම ගැන කලකිරී සිටි අයයි.

 රජයක් බලයට පත් වූ පසු එම පක්ෂයේ අදහස් අනුව රට පාලනය කිරීම සඳහා පක්ෂයේ අය උසස් තනතුරැ වලට පත් කර ගනිති. එසේ නැතිව විරැද්ධ පක්ෂයේ අයට උසස් නිලතල හා තනතුරැ දුන්නොත් ඔවුන් රජයේ ප්‍රතිපත්තියට වඩා තමන්ගේ ප්‍රතිපත්තිය හොඳ යයි සිතා කටයුතු කරන්නේ රජයට ඕනෑ කරන අන්දමට නොවේ. ඔබේ අත් උදව්වට පත් කරගන්නේ හිතවතුන් ද? හතුරන් ද? සිසුන්ට තත්වය පැහැදිලි වූහ. ඊ ළඟට එම සිසුන් විදුහල්පතිවරයාගේ විවිධ අඩුපාඩුකම් අතර සමහර සිසුන්ට දැක් වූ හිතවත්කම ගැන කීහ. 
ජීවිතය ගොඩ නගමු... සඳහා පින්තුර ප්‍රතිඵල
අපි මනුෂ්‍යයන්ය. බුදු හිමියන් කොතරම් මෛත්‍රී කරැණාව ඇති උතුමෙකු වුව ද තම හතුරන් සමඟ එක පංසලක විසූ බවක් කොතැනක වත් සඳහන් නොවේ. එසේම ආවතේවකම් කිරීමට හා ආරක්ෂකයා ලෙස තමන්ගේම ළඟ නෑයෙකු වූ ආනන්ද හිමි පත් කරගත්හ. අපට ඕනෑ රජයට හෝ විරැද්ධ පක්ෂයට හෝ හිතවත්කම් පෙන්වීමට නොවේ. සත්‍යය ඉස්මතු කර පෙන්වීමටය. සත්‍යයට බය මිනිස්සු නිතරම සත්‍යය වසා තැබීමට වෑයම් කරති. සත්‍යය නම් තමන්ගේ ප්‍රතිපත්ති දියත් කිරීම සඳහා පත් කරගන්නේ තමන්ට හිතවත් තමන්ගේ අයයි. තමනට නිසි තැන ලැබුනේ නැති නිසා සිසුන්ට හරියාකාරව උගන්වන්නේ නැති ගුරැවරැ හා කථිකාචාර්යවරැ සිටිති. විදේශීට රටවලින් මුදල් ගෙන නොයෙකුත් විදේශීය දේශපාලන මතවාද පතුරැවන අය ද සිටිති. තමන්ට මුදලක් හෝ තැනක් ලැබෙන්නේ නම් රට, ජාතිය හා ආගම වුව ද විනාශ කර දැමීමට සූදානම් අය අප අතර සිටිති. ඔවුන් අතර ජීවත්වෙමින් එහෙත් ඔබේ තත්වය උසස් කරගත හැකියාව ඇත්තේ ඔබටය. අදක්ෂයන් හා අලසයන් කියන නැති බැරිකම් හා අගහිඟකම් අහමින් කාලය නාස්ති නොකර, ද්වේශ සහගත ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය සිත් සතන් වල නිධන් කර නොගෙන තමන්ගේ දක්ෂකම් වර්ධනය කරගන්නේ කෙසේදැයි සොයන්නට උද්‍යෝගීමත් වන්න.
++Written By -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා++
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: