~~ඉගෙන ගන්න පටන් ගමු...Part-2~~

උගත්කමින් හා පුහුණුවෙන් ඕනෑම කෙනෙකුගේ අගය වැඩිවේ. තම උත්සාහයෙන් දැනුම වැඩිකර ගැනීම නිසා ද ඔබේ අගය දැනට වඩා වැඩි වන්නේය. තම වෑයමෙන් ධනයක් හරි හම්බ කරගැනීමෙන් ද මිනිසාගේ වටිනාකම වැඩිවේ...
life. සඳහා පින්තුර ප්‍රතිඵල


ගමේ ගොඩේ නූගත් තරැණ තරැණියන්ට උගත්කම හා පුහුණුව ලැබුනු විට ඔවුන්ගේ වටිනාකම ඉහළ යයි. එහෙත් තමන්ගේ වටිනාකම වැඩි කරගන්නා බොහෝ දෙනා එය රැක ගැනීමට දන්නේ නැත. ඉතා පහත් අඩියක සිට රාජ්‍ය බලතල හා උසස් නිල තනතුරු ලබන අය ඇතැම් අවස්ථා වල දී තම පහත් ගති පෙන්නුම් කරති.
වරක් මගේ නිවස ඉදිරිපිට ඇති මහා මාර්ගය පුළුල් කිරීමේ දී පාරේ වතුර බැස යන කාණුව පස් වලින් හා කළු ගල් වලින් පිරවීම නිසා කාණුව පිටාර ගලා වත්තට වතුර ගලාවිත් අළුතෙන් ඉදිකළ තාප්පයක් කඩා වැටුණි.
මා මේ ගැන මහා මාර්ග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ විට ලොකු ලොක්කන් කිහිප දෙනෙක් පැමිණ පරීක්ෂණයක් ඇරඹීය. ඔවුනට ඕනෑ කළේ මට සිදු වූ අලාභ හානිය ගැන හෝ මගේ පැමිණිල්ල ගැන විභාග කර බැලීම හෝ නොවේ. පැමිණිල්ල කළ පුද්ගලයා කවුදැයි සොයා බැලීමයි.
life. සඳහා පින්තුර ප්‍රතිඵල
මගේ ප්‍රශ්නය ඉතා ඉහළින් විසඳුණි. එහෙත් නූගත් අසරණ මහජනයා අතරින් කෙනෙකු රජයේ හෝ පොලීසියේ හෝ අක්‍රමිකතාවයක් ගැන පැමිණිලි කළහොත් සිදුවන්නේ පැමිණිල්ල විභාග කිරීම නොවේ. පැමිණිලිකරැට තර්ජනයයි. අපේ රටවල් නොදියුණු හිඟන රටවල් ලෙස ඉතිරිව ඇත්තේ මිනිසුන්ගේ මෙවැනි ළාමක නොදියුණු මානසික තත්වයන් නිසාය.
ඇඳුමෙන් සහ පාසැල් අධ්‍යාපනයෙන් සීලාචාර මනුෂ්‍යයන් බව පෙන්වීමට බැරිය. මෑතක දී අප රටේ විනිසුරැවන් බිය කොට නඩු තීන්දු වෙනස් කිරීමට හැකි යැයි සිතූ ඇතැම් පිරිසකගේ මෝඩ ක්‍රියාවක් ගැන පුවත්පත්වල විස්තර පළ වී තිබුණි. මහජනයා වෙනුවෙන් නීති රීති ක්‍රියාත්මක කරවීමට පත් කරගත් විනිසුරැවන්ට තර්ජනය කිරීම නූගත්කම පෙන්වීමකි. රෙදි ඇඳගෙන විළිවසා ගන්නට තරම් ශිෂ්ඨ සම්මපන්නව සිටියත් බුද්ධි මට්ටමෙන් ඇතැම් අය ජීවත්වන්නේ ඈත අතීතයේය.
තමන්ට ආචාර කරන අයට පෙරලා ආචාර සමාචාර කිරීම උතුමන්ගේ සිරිතය. නුසුදුසු පහත් පුද්ගලයෙකුට උසස් තනතුරක් දී බලන්න. ඔහු තම පහත් ගතිය පෙන්වන්නේ සුළු සේවකයන්ගේ ආචාර සමාචාර නුදුටු ලෙස මඟ හරිමිනි. මිනිසුන්ගේ උසස්කම මනින මිම්ම වනුයේ නිලතල හා සමඟ සංයෝග වූ සදාචාර ශිෂ්ඨ ගතිගුණ බව මතක තබා ගන්න.
සුළු මිනිසුන්ට ගරැසරැ දැක්වීම නිසා ලෝකයට ශ්‍රේෂ්ඨ උත්තමයන් පහළ වේ. සුළු මිනිසුන් පාගා ගෙන ගාණකට නොගෙන සිටීම නිසා උසස් නිලතල ලදවුන් පවා ඇද වැටේ. පහත් මිනිසුන් යැයි කියා තමනට වඩා අසරණ අය පහත් කොට සලකන්නේ පහත් අයෙකි.
උසස් මිනිසාට පහත් යැයි කියා මිනිසුන් කොටසක් නැත. නොදියුණු හා නූගත් අසරණයන්ට සේවය කොට පසු කලෙක ඉතා උසස් තත්වයක් තමන්ට ලබාගත් අය සිටිති. ඔව්හු තම මට්ටම ඉහළ ගිය පසු ඒ තැනට එන්නට උපකාරී වූ සුළු ජනයා අමතක කොට නිතරම ඉහළ මට්ටමේ අය පමණක් ඇසුරැ කරති.
ඉහළ මට්ටමේ සිටින සෑම කෙනෙක්ම පහළ මට්ටමේ සිටින අයගේ මෙහෙකරැවන් වෙති. මෙය අමතක නොකරන මනුෂ්‍යයා මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙකු වෙන්නේය.
සැඩ පරැෂ වීමෙන් ඔබේ තත්වය තුට්ටුවට බහී. ඔබ ඉතා සැඩ පරැෂ අවිනීත අයෙකු නම් දැනට සිටින තත්වයෙන් ඉහළට යෑමට ඔබට නුපුළුවන. යම් විදියකින් ඔබට ඉහළ තැනක් ලැබුනොත් ඔබේ සැඩ පරැෂ ගතිය ද තව තවත් ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබට උසස් තනතුරැ දරාගෙන සිටීම මහා කරදරයක් වී එයින් විශ්‍රාම ගන්නට සිදුවේ.
life. සඳහා පින්තුර ප්‍රතිඵල
අසීමිත දියුණුව සඳහා අසීමිත විනීත භාවයක් අවශ්‍ය වන්නේය. නපුරැ ගති ඇති දුෂ්ඨයන් කිසිම තනතුරක හෝ දියුණු තත්වයක හෝ වැඩිකල් ඔරොත්තු නොදේ. ඔබේ උගත්කම හෝ වැදගත්කමට වඩා ඔබ හැසිරෙන ප්‍රසන්න ස්වභාවයට නිතරම ජය අත්වේ. මෝඩ හා දරදඬු ස්වභාවය නිසා දිළිඳු තත්වයේ පසුවන අය තමන්ගේ නොදියුණුකමට හේතුව ග්‍රහ බලපෑම යයි විශ්වාස කරති.
විනීතකම නිසා ඔබේ අගය වැඩිවෙන බව මතක තබාගන්න.
වැඩිදුර ඉගෙන ගැනීමෙන් හා නිතර වගකීම් බාර ගැනීමට සූදානම්ව සිටීමෙන් හා තමන්ට අයත් වැඩ කොටස් ඉහළින් ඉටු කිරීම නිසා තමන්ගේ අගය වැඩිකර ගත හැකියි.
බොරැව, චාටුව හා අවංක නොවීම නිසා ඕනෑම කෙනෙකුගේ අගය අඩුවේ. තමන්ගේ ප්‍රමාණයට, ලැබෙන පඩියට හා බොරැ උජාරැවට කටයුතු කරන්නට යෑමෙන් ද තමන්ගේ වටිනාකම අඩුවේ.
++Written By-Mr.Sumanadasa++
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: