~~ඉගෙන ගන්න පටන් ගමු...Part-6~~



තමන්ට වඩා දුබලයින්, ස්ත්‍රීන්, බාල වයසේ සිටින අය හා තමන් යටතේ සිටින මෙහෙකරුවන් වැනි අයට තර්ජනය කරමින් බිය ගැන්වීම මානසික ආබාධයක ලක්ෂණයකි...
life. සඳහා පින්තුර ප්‍රතිඵල

කුඩා ළමුන් බිය වද්දා තමන් සතුටුවෙන වැඩිහිටි අය සිටිති. බිය ගන්වා කුඩා දරුවෙකු අඬවා ඉන්පසු “අඬන්න එපා,” කියමින් සිඹීමට හා සුරතල් කිරීමට සමහරු දැඩි ආශාවක් දක්වති. මෙම මානසික තත්වය වහා වෙනස්කර ගත යුතුයි. නැත්නම් තමන්ගේ ජීවිතය එකම කරදරකාරී “ලෙඩක්” වන්නේය.
කොනිත්තන හා වේදනා දෙන ක්‍රියා වලින් ඔවුන් කරන්නේ තමා කැපී පෙනීමට, ඉස්මතු වීමට හා අවධානය තමා වෙත යොමු කරවා ගැනීමට දරන වෑයමක ප්‍රතිඵලයක් වශයෙනි.
කුඩා දරුවන්ට එසේ හිරිහැර කොට සතුටක් ලබන පුද්ගලයා කලක් ගත වූ පසු එම පුරුද්දට වහලෙකු වේ. ඔහු හෝ ඇය විවාහ වූ පසු බිරිඳට හෝ සැමියාට හෝ තර්ජනය කොට සිත රිදවා බොරු කියා එසේ නැත්නම් අඬ දබර වලින් බොරු රණ්ඩු කර සතුටක් ලබයි. ඒ සතුට වැඩි කලක් යන්නට පෙර අනිත් අයට මහා කරදරයක් බවට හැරේ.
life. සඳහා පින්තුර ප්‍රතිඵල
අනුන් රිදවා තමන් සතුටු වෙන අය ඇතැම් විටෙක සිත රිදවා සතුටු වෙති. සිත් රිදවීම සඳහා අව කැපෙන වචන, දෙපැත්තට තබා ගැරහීම, කේලාම් කීම, සියුම් උපහාස, බොරු රණ්ඩු ගැනීම, පරණ කෝන්තර ඇද ගැනීම ආදි වශයෙන් මේ අයට පුදුම නුවණ පහළ වේ.
මිනිසුන් එල්ලා මරණ අන්දම නැරඹීමට රුපියල් සියයක් අය කරන බව කිවහොත් නියමිත දිනට පෙර අවසර පත විකිණී යනු ඇත. විවිධ මත දරන, විවිධ ආශාවන් ඇති, විවිධ බහුභූත විශ්වාස කරන අයගෙන් සමාජය සෑදුම් ලද්දේය. එසේම ඕනෑම පොළව පැලෙන බොරුවක් සත්‍යය යැයි විශ්වාස කරන අය හා එසේ විශ්වාස කිරීමට සූදානම් අය ඕනෑ තරම් සොයාගත හැකිය.
මෙම මානසික ආබාධය සුවකර ගත හැක්කේ තමන්ටමය. මුලින්ම තමා අනුන් රිදවා සතුටක් ලබන අයෙකු බව වටහා ගත යුතුයි. ඉතා සතුටෙන් සිටින දරුවෙකුගේ නැහැය මිරිකා අඬවා සතුටක් ලබන්නෙක් දැයි දන්නේ තමන්ය.
මෙවැනි අය හඳුනාගත් පසු ඔවුන් සමඟ වැඩි දැන හැඳුනුම්කම් පැවැත්වීම කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. එයට හේතුව ඔවුන් දැඩි මිතුරුකම් පෙන්වමින් මුලින් ඇසුරුකම් පටන්ගන්නා නිසාය. බොහෝවිට තමා ගැන සියළුම විස්තර කියයි. ඊට පසු ඔබේ වතගොත අසා ගනියි. රිදවන්නට සිතුණු පසු ඔබ කී රහස් නැවත ප්‍රචාරය කරමින් ඔබේ සිත රිදවයි.
ඔවුන් තමන්ගේ වරදින්ම නොයෙකුත් ලාබ හානි කැඳවාගෙන ඉන්පසු අනුන් පිට වරද පැටවීමට අති දක්ෂහ.
-සුමනදාස සමරසිංහ
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: