~~ඉගෙන ගන්න පටන් ගමු...Part-5~~


මෙය අත්හදා බලන්න

 

ඔබ ළඟ ඇති එක හොඳ ගුණයක් මෙනෙහි කරන්න. එම හොඳ ගුණය ඔබ වගා කරනවා ද? එය ඔබ ළඟක දී පාවිච්චි කළා ද? එසේ පාවිච්චි කළේ කාගේ යහපත සඳහා ද?
life. සඳහා පින්තුර ප්‍රතිඵල
ඔබේ මනසේ දිළිසිය යුතු නීතියක් ඇත. එනම්, “සියළුම සම්පත් උදාකර දීමට මගේ සිත තරම් බලවත් අන් බලවේගයක් නොමැත,” යන්නයි. ඔබ හා සම්බන්ධ යම් හොඳ ගතිගුණයක් ගැන දිනකට විනාඩි කිහිපයක් සිත යොමු කරන්න. මෙම ව්‍යායාමයෙන් ඔබට පුදුම අත්දැකීමක් ලැබේ.
සැබෑ අත්දැකීම ලැබිය හැක්කේ තමන් අවංක වූ තරමටය. එවිට ඔබේ අඩුපාඩු වලට හේතුව හා ඒවා මකාගත හැකි ක්‍රම ගැන ද දිනකට විනාඩි කිහිපයක් සිත යොමු කළ හැකියාව ලැබේ. බොරුවකින් සිත සනසා ගැනීම සැබෑ අත්දැකීමක් ලැබීමට විශාල බාධාවකි.
චේතනාව කර්මය බව නොදැන වාසනාව ඇත්තේ තමන්ගෙන් බාහිර වූ අන් තැනක යයි සිතන පුද්ගලයා තමන්ගේ නම ගම හා ගේ දොර ගැන මතකයක් නැති විස්මෘතිය රෝගයෙන් පෙළෙන අයෙක් හා සමානය.
හිතුවක්කාර දඩබ්බර අවනත නොවන සිතක් තමනට ඇතැයි සිතා සිටින පුද්ගලයා ද මිථ්‍යා ලෝකයක වල්මත් වී සිටින්නෙකි.
දිනපතා ඔබ සතු එක ගුණයක් මෙනෙහි කර එය වර්ධනයටත් ඔබ සතු එක අඩුපාඩුවක් මෙනෙහි කර එය හදාගන්නටත් විනාඩි කිහිපයක් ගෙවා ඔබේ සිතේ බලය ගැන ඔබම අත්හදා බලන්න.
++Written By-Mr.Sumanadasa++
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: