~~ඉගෙන ගන්න පටන් ගමු...Part-8~~

ඔබ කවදා හරි ඔබේ එදිනෙදා වැඩ කටයුතු නතර කොට මීට වඩා දියුණුවීමට ඕනෑ යයි සිතුවේද?
මහා ධනවතෙකුගේ මාලිගයක් වැනි නිවසකට ගිය ඔබ “මොහු පෙර පිංකල කෙනෙක් මම පෙර පිං නොකළ කෙනෙක්,” යයි සිතුවාද? ලොකු ගෙයක්, වාහනයක්, දැසි දැස්සන් ඕනෑ යයි සිතුනාද?
life. සඳහා පින්තුර ප්‍රතිඵල

 සාප්පුවක ඇති සාරියක් දැක මේවායින් දෙක තුන බැගින් මිල දී ගන්නට ඇත්නම් යයි සිතී ඇත්ද? පිටරට යන එන අය දැක මටත් විදේශ සංචාරයක යන්නට ඇත්නම් යැයි සිතුවාද?
ඔබට නොයෙක් විදියෙන් පහළ වූ අදහස් ඉටුකර ගැනීම සඳහා ඔබ කළේ මොනවාද?
ඔබට නැති දේවල් අන් අය භුක්ති විඳිනවා දකින කොට ඔබේ ඉරිසියාව ඉහවහා ගියේද? එසේ නැත්නම් ඒ අය එම දේවල් ලබාගැනීම සඳහා මෙලෝ වශයෙන් කුමන ක්‍රියා මාර්ගයක් අනුගමනය කළාද කියා සොයා බැලුවේද?
ධනවත් වී අදහස් ඉටුකරගෙන සැපසේ ජීවත්වෙන සෑම කෙනෙක්ම සාමාන්‍ය මිනිසෙකි. මෙය කියවන ඔබත් කොයිතරම් කෙරුම්කාරයෙක් වුවත් සාමාන්‍ය මිනිසෙකි. ඔබට ඇත්තේ සාමාන්‍ය ඥානයකි. ඒ සාමාන්‍ය ඥානය දියුණු කරගැනීමෙන් ඔබට ධනවතෙකු විය හැකියි.
ලක්ෂයක මුදලක් අතට ලැබුනත් එය ඉතා ඉක්මණින් වියදම් කර හමාර කළ හැකියි. එහෙත් එයින් මිල දී ගන්නා දේ වලින් ඔබට ධනයක් හම්බ කළ හැකිද?
life. සඳහා පින්තුර ප්‍රතිඵල
ලක්ෂයක් ලැබුනොත් එය දෙලක්ෂයක් කර ගැනීමට තරම් ඥානයක් ඔබට තිබේද?
ධනය වැඩි කරගන්නා අන්දම ගැන සිතන්නට කාලය වැය කිරීම නිසා ඔබේ මනස ප්‍රබෝධමත් වෙයි. මෙතෙක් ‘නිදි කිරමින්’ සිටි සිත දැන් අවදි වේ. ඉතින් ලක්ෂයක් ලැබෙන තුරු ඉන්න එපා. දැන් සිත මෙහෙයවන්න.
වියදම් කරන හැටි හා විනෝදවන හැටි ගැන සිතන්නේ ධනවත් නොවන අයයි. ධනවතා වියදම් කරන්නේ තවත් ධනය රැස් කිරීම සඳහාය. ධනවතාට සැප කාර් හා වෙනත් පහසුකම් අවශ්‍ය වන්නේ සැප විඳීමට නොවේ. ධන සම්පත් වැඩිකර ගැනීමටයි.
++Written By-Mr.Sumanadasa++

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: