~~ඉගෙන ගන්න පටන් ගමු...Part-9~~

ලෝකයේ හරි මැද කොතැනක දැයි කෙනෙකුගෙන් ඇසූ විට තමා ඉන්නේ ලෝකයේ මැද යයි ඔහු පැවසුව හොත් එය වැරදි යයි කිව නොහැක. තවත් කෙනෙකුට ද එය එසේම කිව හැකිය. ඒ හැම දෙනාටම ලෝකය සතු හෙයිනි. ඒ එක් කෙනෙකුටවත් වෙන විශේෂ සුදුසුකම් අවශ්‍ය නැත...
life. සඳහා පින්තුර ප්‍රතිඵල

අත්තන, වහ කදුරු, නියඟලා, සුදු හඳුන්, වැල් මී, සමන් පිච්ච ආදී ගස් වැල් මල් කියා වෙන් කර කියතත්, අවශ්‍ය හා අනවශ්‍යතාවය උඩ ඒ ඒ වේලා වල දී හොඳද නරක ද මිසෙක හැම විටෙකම ඒවා හොඳයි හෝ නරකයි කියා හෝ වෙන් කළ නොහැකි හේතු තමන් දැනගත යුත්තකි. අවශ්‍ය දෙයක් අවශ්‍ය විටෙක අවශ්‍ය ප්‍රමාණයකට අවශ්‍ය ප්‍රයෝජනයක් ගෙන සතුටු වීම බුද්ධි මට්ටමේ තත්වය අනුව සිද්ධ වන්නකි.
පොදු ධර්මතාවන් පිටු දැකීම, විකෘති කොට සිතීම යනු උසස් මනසක ලක්ෂණයක් නොවේ. අනවශ්‍ය හා වැරදි ලෙස පරිහරණය කොට ආපදාවන්ට ගොදුරු වීම හෝ නිසි අයුරින් ප්‍රයෝජනය ගෙන යහපත් ප්‍රතිඵල ලැබීම හෙවත් ප්‍රාර්ථනාවන් ඉටු කරගැනීම තම තම බුද්ධිමත්කම අනුව විය යුත්තක් මිස ඒ ඒ වහ කදුරු, නියඟලා, සුදු හඳුන්, වැල් මී, සමන් පිච්ච යනාදියේ හොඳ හෝ නරක නිසා නොවන බව නොවැටහෙන්නේ ද?
life. සඳහා පින්තුර ප්‍රතිඵල
කෙනෙකු තව කෙනෙකුව පිළි නොගැනීම, හෙළා දැකීම, ගණන් නොගැනීම, වර්ණනා කිරීම, ස්තූති කිරීම, වැළඳ ගැනීම යනාදීන් හි දී සිත කලබල වීම යනු තම දැකීම අනුව සිද්ධ වෙන්නක් නිසා විනා අන් කිසිවෙකුගේ හොඳක් හෝ නරකක් නිසා නොවෙන බව වැටහී යතොත් උසස් ජීවිතයකට පිවිසුනා යයි කිව හැකියි.
තමාගේ සිත තමාට පාලනය කරගත හැකියාව නැත්නම් පැටලිලි සහිත ඍන වේගයන්ට ගොදුරු වී දියුණු වීමේ වෙගය අඩුවීම වැළැක්විය නොහැකියි. හැම කෙනෙක් විසින් හැම කෙනෙකුගේම සිතුවිලි හා එකට බැඳී පවතින එකම සිතුවිලි ලෝකයක අපි ජීවත්වෙමු. මේ සෑම සිතක්ම විශ්වයේ කොටසකි.  ලෝක පාලක ජීව බලය, විශ්ව ඥානය නමැති මේ සර්වබලධාරී දෙවියා කවරෙක් දැයි මෙහිදී අපි මනාව හඳුනා ගනිමු.
විදුලි තරංග එක් එක් ආකාර වලින් වැඩට සුදුසු පරිදි යොදා ගැනීමේ දී එකම කොටසක් වත් උසස් හෝ පහත් යැයි නිගමනය කළ නොහැකියි. එය සුදුසු පරිද්දෙන් යොදවා වැඩක් ගන්නකි. කොතනත් ඇත්තේ එකම විදුලි බලවේගයයි.
මිනිසා ක්‍රියා කරන කල්හි මානය නිසා චිත්ත බලය හීන කරගනියි. එකම නිවසක ඇති එකම විදුලිය යම් කාමරයක දී අහිමි කරගන්නේ කාර්මික අදක්ෂතාවයෙනි. භාවිතයේ වරදිනි.
“මම අනුන්ට ඊර්ෂ්‍යා නොකරමි. සියළු තරහ මරහ සිතින් පන්නා දමමි. මගෙන් වරදක් වූ අයගෙන් මම සමාව ඉල්ලමි. මට වරද කළ අයට මම සමාව දෙමි. සියළු අමනාපකම් සිතින් අස්කර මගේ සිත නිරෝගී කරගනිමි .. මගේ නිරෝගී සිතින් නිකුත් වන කරුණා, මෛත්‍රී රැස් ධාරා සියළු දෙනාම වෙත නිකුත් කරමි,” යනාදී සෙත් පැතීමේ සිතුවිල්ල අවංක හරි දැකීමකින් ක්‍රියාත්මක කෙරේ නම් ජීවතය නිරැප්‍රදිතව හැඩ වැඩ වේවිදැයි කියා ඔබම අත්හදා බලන්න.
-සුමනදාස සමරසිංහ
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: