රවුම් ගහන අයියලාට පට්ටම බාන්ඩයක්...

ඉතින් කොහොමද ඉතින්...?
ඔබ සංචාරකයෙකු නම්, මිනිස් වාසයෙන් පවා තොර දුර බැහැර දුෂ්කර පළාත්වල පවා සංචාරය කරන්නට ඔබ පෙළඹෙන්නේ නම් මතුවන ගැටලුවක් වන්නේ පානීය ජලය සොයාගැනීමයි.
Grayl Bottle සඳහා පින්තුර ප්‍රතිඵල
වඩාත් නිවැරදිව පවසන්නේ නම් බීමට සුදුසු පානීය ජලය සොයාගැනීම මෙවැනි අවස්ථාවක ගැටලුවක් විය හැක. කෙසේ නමුත් ඔබට අපිරිසුදු ජලය පිරිසුදු කළ හැකි ජංගම පෙරහන් උපාංගයක් ඇති නම් එය තවදුරටත් ගැටලුවක් නොවනු ඇත. හඳුන්වාදෙන Grayl Bottle උපාංගය වැදගත් වන්නේ ඒ සඳහා වේ.
මේ වනවිටද සංචාරකයන් හට, බීමට සැකසහිත ජල සැපයුමකින් ගන්නා ජලය පෙරහන් කොට බීමට සුදුසු ජලය බවට පත්කොට දෙන ‍ෆිල්ටරයන් වෙළෙඳපොළේ තිබේ. කෙසේ නමුත් මේවාට ඇති පොදු ගැටලුවක් වන්නේ ප්‍රමාණයෙන් විශාල වීම, භාවිතය යම් තරමකට කරදරකාරීවීම සහ මිලෙන් අධික වීමයි. කෙසේ නමුත් Grayl Bottle උපාංගය මෙම ගැටලුවලින් කිහිපයක් හෝ විසඳාලනු ඇත.

බැලූ බැල්මට නවීන පන්නයේ උණුවතුර බෝතලයක් ලෙසින් පෙනෙනා මෙහි ප්‍රමාණයද එයින් වෙනස් නොවේ. ඔබට සැකසහිත ජල සැපයුමක් හමුවූ විටකදී කළ යුත්තේ එයින් මෙහි බාහිර කෝප්පයට ගන්නා ජලය උපාංගය තුළට වත්කිරීම පමණි. දැන් මෙහි ඇති පෙරහන් පද්ධතිය මගින් රෝගකාරක විෂබීජයන් සහ ඇසට නොපෙනෙන මයික්‍රෝන් ප්‍රමාණයේ කුණු රොඩු පවා පෙරහන් කොට ඔබට පානයට සුදුසු ජලය සපයා දෙනු ඇත.
Grayl Bottle සඳහා පින්තුර ප්‍රතිඵල
මෙහි ඇති ‍G3+ ෆිල්ටර පද්ධතිය සැබැවින්ම පෙරහන් ලේයරයන් තුනකින් සහ පවිත්‍රීකාරක ලේයරයකින් සමන්විත වන අතර, එයින් රෝගකාරක විෂබීජයන්, බැක්ටීරියාවන්,ප්‍රොටසෝවා හෝ වෛරසයන් පෙරා හරිනු ඇත. එසේම මෙහි ඇති කාබන් ලේයරය මගින් ජලයේ ඇති ලෝහ සංඝටක, රසායනිකයන්, අනවශ්‍ය ගන්ධයන්, රසයන් පෙරා හරිනු ඇත. මෙම පෙරහන් ලේයරයන් එක එකක් 300 වතාවකටත් වඩා නැවත නැවත භාවිත කිරීමට හැකියාව තිබේ.
Grayl Bottle සඳහා පින්තුර ප්‍රතිඵල
එසේම Grayl Bottle හි ඇති අනෙක් විශේෂත්වය වන්නේ උක්ත පෙරහන්කරණ ක්‍රියාවලියට ගතවන්නේ තත්පර 35 වැනි සුළු කාලයක් වීමයි.යන්න වෙලාවත් හරි නේද...?ඕන් මම කැපුනා...
කැත නැතුව Comment එකක් දාලම යමු නේද...?

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: