~~ඉගෙන ගන්න පටන් ගමු...Part-3~~

ඔබේ ජීවිතය වාසනාවන්ත කරගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමයි. හිමිදිරි උදයේ සිතට මෙන්ම ගතට දැනෙන ප්‍රබෝධය දවස මුළුල්ලේම පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගන්න...
life. සඳහා පින්තුර ප්‍රතිඵල
අන් අයගේ වැරදි සෙවීමට ගියහොත් ඔබේ සිත අපිරිසිදු වෙයි. අන් අය ඔබට සිත රිදෙන දේ කිවහොත් හා ඔබ ඒවා පිළිගතහොත් ඔබේ සිතේ ප්‍රබෝධය අඩු වෙයි.
ප්‍රබෝධමත් සිත ඒ විදියටම තබා ගැනීමට විශේෂ වෑයමක් කළ යුතු නැත. කළ යුතු එකම කාර්යය නම් සිත පීඩා කරන සිතුවිලි වලින් මිදී සිටීමයි. යම් කෙනෙක් ඔබේ සිත රිදෙන විදියේ යම් වචනයක් ඔබට කියනවා යයි සිතමු.
ඔබ එවිට කළ යුත්තේ කුමක් ද?
එම වදන ඔබ පිළිගතහොත් එයින් පීඩාවට පත්වෙන්නේ ඔබයි. පිළිනොගත්තොත් කිසිම පීඩාවක් නැත.
අප පුරුදු වී සිටින්නේ අන් අයගේ වදන් වලින් වහා කලබල වීමටය. එම නිසාම අපේ මානසික සමබරතාවය නිතරම අතුරැදහන් වේ.
යම් දුර්වලයෙක් ඔබට බැන්නොත් ඔබ කලබලයට පත් වන්නෙහි නම් ඔබ පෙර කී දුර්වලයාටත් වඩා දුර්වලයෙකි. ඕනෑම කෙනෙකුට ඔබව කෝප ගැන්විය හැකි නම් ඔබ දුර්වලයෙකි.
ඔබේ සිත දුර්වල වස්තුවක් නොවේ. කෙනෙකුගේ සිත දුර්වල කරගන්නේ එම පුද්ගලයා විසින්මයි. තමන්ගේ සිත ප්‍රබල ශක්තිමත් සිතක් කරගත හැක්කේ තමන්ටමය.
අපට අසන්නට, කියවන්නට හා දකින්නට ලැබෙන නොයෙකුත් කරැණු වලින් අපේ සිත් චංචල වේ නම් එම කරැණු හා සිද්ධීන් අපව පාලනය කරන්නට සමත්ය. ප්‍රබල ශක්තිමත් සිතක් යනු බාහිර සිද්ධීන් වලින් කම්පා නොවන සිතකි.
life. සඳහා පින්තුර ප්‍රතිඵල
එවැනි සිතක් ඇතිකර ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන. සිත ප්‍රබල වන්නේ එය දුර්වල කරන පහත් සිතුවිලි නිසාය. පටු ආකල්ප දරන විට මනසේ වැඩීම පටු වේ. පුළුල්ව සිතීමට හැකිනම් එයින් මනස වර්ධනය වේ.
මිනිසාට ඇති විශේෂ හැකියාවක් නම් සීමාවක් නැතිව සිතීමට හැකි වීමයි. එහෙත් බොහෝ මනුෂ්‍යයෝ එම හැකියාව හා නිදහස ගැන නොතකා ස්වකීය මනස හැකි තරම් හකුළුවා තබා ගනිති.
පටු හැඟීම් වලින් පිරි වාද භේද නිසා මනස වර්ධනය වීම නතර වෙයි. ඇතැම් අයෙක් තමා නිදහස් මතධාරියෙක් හැටියට හඳුන්වන නමුත් තමන් විසින්ම සිතින් මවා ගනු ලබන සීමාවක් තුල පමණක් සිතයි. අන් අයෙකුගේ ඉගැන්වීමක්, දර්ශනයක් ඉතා බොළඳ හෝ ඉතා විශිෂ්ඨ සත්‍යයක් වීමට පුළුවන. ඔබ නැණවතෙක් නම් බොළඳ තර්ක වල දී හරි වැරදි කියා පෑමට කලබල වෙන්නේ නැත. ඔබ කළ යුත්තේ ඔබට විශිෂ්ඨ යයි හැඟෙන කරැණු පමණක් සිතට ගැනීමයි. අනෙක් කරැණු ඉවත දැමීමයි.
life. සඳහා පින්තුර ප්‍රතිඵල
අප අතර සිටින බොහෝ දෙනෙකු අනුන්ගේ අඩුපාඩුකම් ගැන සෙවීමට හා ඒවා ගැන කතා කරමින් කාලය ගෙවීමට ඉතා දක්ෂහ. එහෙත් අන් අයගේ හොඳ වැඩ ගැන සෙවීමෙන් හා කතා කිරීමෙන් අපට බොහෝ දේ ඉගෙන ගන්නට ලැබේ. සොයන්නාට සම්භ වේ යයි කියන්නේ ඔබ ඔබේ මනසින් සොයන දේ ඔබට සම්භ වෙන බවයි. හොඳ ගතිගුණ සොයද්දී ඒවා ඔබ තුළත් පහළ වේ.
++Written By-Mr.Sumanadasa++
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: