~~ඉගෙන ගන්න පටන් ගමු...Part-4~~

ඉගෙනීම, දක්ෂකම හා නුවණ සමඟ ධෛර්ය හා වීර්යය ද තිබෙන කෙනෙකු දියුණුවක් නොලබා සිටීම පුදුමයකි. තමන්ගේ දියුණුවට ඇති බාධාව අදෘශ්‍යමාන බලවේගයක් යැයි සිතන අය සිටිති. පෙර කරුමය හා ගුප්ත බලපෑම් නිසා යැයි සිතන්නට නැඹුරු වෙන්නේ ජීවිතයේ ප්‍රශ්න මතුවන විට දී ය...
life. සඳහා පින්තුර ප්‍රතිඵල


ස්වකීය දක්ෂතාවයන් සියල්ලම එකම ඉලක්කයක් වටා ගොණු නොකරන පුද්ගලයාට දියුණුවක් ලැබීමට බැරිය. හැම දෙයක්ම බදාගෙන කරන්නට යන අය අන්තිමේ දී කිසිම දෙයක් බදාගෙන නැති බව පෙනී යයි.
ඒ නිසා ඔබට පැහැදිලි එක ඉලක්කයක් අවශ්‍යයයි.
ඔබට කරන්නට පුළුවන් මොන දේවල් ද, කරන්න බැරි මොන දේවල් ද, කියා කීමට වෙන කිසිවෙකුට බැරිය. වැඩකට බහින තුරු තමන්ගේ හැකියාවන් මෙපමණ තිබුනාදැයි තමන්ටම අදහා ගන්නට දුෂ්කර වෙයි. එසේම දියුණු කරගත යුතු හැකියාවන් මේවා යැයි තමන්ට දකින්නට ද හැකිවේ. හැම පැත්තකින්ම දියුණු වූ අය අපට තවම හමු වී නැත. එක ඉලක්කයක් ඇතිව කටයුතු කොට ඒ ඉලක්කය ජයගෙන එකින් එකින් දියුණු වී සිටින අය නම් ඕනෑ තරම් හමුවෙති.
life. සඳහා පින්තුර ප්‍රතිඵල
සෙක්කුව වටා යන බූරුවා වෙහෙස වී කොපමණ දුර ගියත් ගමන නතර වෙන්නේ එකම රවුම ඇතුලතය. මිනිසා එසේ නොවිය යුතුයි. ඔබ හැමදාමත් එක තැන රැඳී සිටින්නේ ඔබේ කැමැත්ත පිටයි. ඔබට යන්නට ඉලක්කයක් ඇත.
ඔබ එනතුරු ඔබේ ඉලක්කය බලා සිටියි.
එයට ඔබ වෙත ඒමට අත පය නැති නිසා ඔබ එය වෙත යා යුතුයි.
එකම තැන කරකැවෙමින් කොපමණ වෙහෙස වුනත් ඔබට වෙහෙස වූ පලියට ඉලක්කය වෙත යෑමට බැරිය.
හැරෙන්නට ඕනෑ තැන දී කෙළින්ම යෑම අනුවණකමකි. කෙළින් යෑමට ඕනෑ කරන තැන දී හැර හැරී යෑමත් අනුවණකමකි.
ඉලක්කයක් ඇත්නම් කෙනෙකු එහි ළඟා වීම නතර කළ හැකි කිසිදු බලවේගයක් නැත.
++Written By-Mr.Sumanadasa++
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: